News About Famous Events in Sri Lanka
බ්‍රේක් නැති ජීවිතේ ලයිසන් නැති ආදරය
බ්‍රේක් නැති ජීවිතේ ලයිසන් නැති ආදරය. මෙම චිත්‍රපටය සම්මානනීය චිත්‍රපටයක්, සමාන්තර චිත්‍රපට අතර. ඇයි එහෙම වෙන්නෙ කියලා සෑහෙන්න හිතුවා මතුපිටින් නම් දැනෙන්නෙ ලංකාවෙ කාලෝචිත ප්‍රශ්නයක් වෙන දරිද්‍රතාවයෙන් බැටකන පීඩිත පාන්තික තරැණයෙකුගෙ කතාවස්තුවක් මූලික කරගෙන නිපදවුනු චිත්‍රපටයක් විදියට තමයි නමුත් ඇත්ත ඒක චිත්‍රපටය පුරාම හොදට කවලම් වෙලා තියනවා අනෙකුත් චිත්‍රපටවල වගේම මොකද මේක තවමත් දියුනු වෙමින් පවතින රටක් නිසා බහුතරයක් කතා තුල හොද්දෙ ලුනු වගේ ආර්ථිකය කවලම් වෙලා තියනවා. නමුත් මොටර්බයිසිකල් කතා වස්තුවෙ වස්තුව එහෙමත් නැත්නම් ප්‍රධාන කාන්තා භූමිකාව, වස්තුව, තිරයට එන්න හුගාක් පරක්කු වෙනවා ඒක ඇත්තටම මම දකින්නෙ නිර්මාපකයා ඔහුට කියන්න අවශ්‍යය වන කතාව කියන්න ප්‍රේක්ශකයන්ගේ මනසට කාවද්දන්න කලින් ඊට සර්ලන පරිසරයක් නිර්මානය කිරීම වගේ මේ වගේ අවස්ථා දකින්න ලැබෙන්නෙ ඉතාම අඩුවෙන්. Shawshank Redemption කතාවෙ මම ඒ වගේ ගතියක් දකිනවා. නමුත් මම දැකපු චිත්‍රපටයේ මූලික වස්තුබීජය හෝ නිර්මාපකයා කියන්නට සැරසෙන කාරනය හා සමගාමීව තවත් සාමාන්‍යය කතාවක් නිර්මාන වෙනවා. සමාජ ආකෘතිය හා ප්‍රේක්ශකයා බද්ධ කිරීම. ඒක තමා බයිසිකලයක් ගැනීමට ආසාවෙන් පසුවන තරැණයෙක් සහ ඔහු මත යෙදී ඇති ආර්ථික බර, ඔහුත් සමග එය බෙදාගැනීමට වෙර දරණ ඔහුගේ මව කියන කතාව ප්‍රේක්ශකයා ගිලගන්නවා. ප්‍රේක්ශකයා චිත්‍රපටයේ ආරම්භයේ බයිසිකලය තුලින් අවසානයක් දකින්නට බලාපොරාත්තු ගන්වනවා. එය සාධාරණයි. මෙවැනි කතාසාරයන් ඇති චිත්‍රපට ඕනතරම්ය. ප්‍රරවේගය චිත්‍රපටයේ කතාතේමාවෙයි මේකෙයි ඇත්තේ කුඩා වෙනසකි. ප්‍රරවේගයෙන් මෙය වෙනස් වෙන්නේ සිනමාත්මක ගුණාංගවලට වඩා තේමාවෙහිය. එය සියුම්ව ගලවා ගත යුතුය. දැන් මෙහි මා දකින මූලික තේමාව කියන කාරණය ගතහොත් එය ඇත්තටම ආරම්භ වෙන්නෙ ප්‍රධාන නලුවා තමුන්ගේ ආදරවන්තිය දකින්න දරන පලමු උත්සාහයේදීයි. එහිදී ඔහු අසාර්ථක වෙනවා සාධාරණ හේතුවකින් තොරව ඔහු වැරදි කරැවකු ලෙස පලා යනවා. ඉන්පසු ප්‍රේමවන්තිය තිරයට පිවිසෙන අවස්ථාවේ සිට දිග හැරෙන්නෙ තුන්වන ලෝකයේ රටක් වශයෙන් නිරන්තරවම සියලු අවස්ථාවන් බැලීම සදහා යොදා ගන්නා සංස්කෘතික කණ්නාඩිය සහ කාලයක් පුරාවට ගොඩනගත් ආචාර ධර්ම පද්ධතිය තුලින් තරැණ වියේ පසුවන ආදරවන්තයන් වෙත පිරිනමනු ලබන සමාජීය පිලිගැනීම සහ ඔවුන්ට වෙන් කර ඇති සමාජීය ඉඩකඩ පිළිබදවයි. ඇත්තටම අපරට තුල ආදරවන්තයින් ලෙස පොදු පාරක ගමන් කිරීම උවත් වැරදි ලෙස දකිනා සමාජ කණ්ඩායමක් ඇත. ජීවිතය අලුතින් පටත් ගත් තරැණ ආදරයන් සුන්දර සරල අත්දැකීම් ලෙස විදගන්නට ඇති අපහසුව සාමාජීය, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සරල ලෙස ජීවිතය විදින්නට සැරසුන තරණ ජීවිත තානායම් සහ වෙනත් තැන්වලට ගොස් ජීවිතය බරපතල කාරණා දක්වා සොයායන්නට කරන බලපෑම හොදින් පෙන්වයි. ආදරය විදින්නට මේ කාලරාමුව තුල ආර්ථිකමය සමාජීය හෝ සංස්කෘතිමය නිදහසක් ඉඩහසරක් නොමැති බව සහ එය කෙතරම්ද යත් ජීවයේ පැවැත්ම පවා ගෙනයාමට මෙම කාලරාමුව තුල ඇති අපහසුව පෙන්වයි. ජීවිතෙත් හරියට මෝටර් බයිසිකලේ වගේ අපිට ඕන වෙලාවට ස්ටාර්ට් වෙන්නෙ නැති නිසා. ඒ වගේ තමා දසුන් සහ සමනලීගේ රංගනය ඉතාමත් අනර්ගයි. අනර්ගයි කීමෙන් අදහස්වන්නෙ අර හොද කැමරාකරනයක් වගේ දෙයක් නොවේ. බොහෝ දෙනාගේ චෝදනාවක් වූයේ ග්‍රාම්‍යය රංගනයක් දුටු බවයි. නමුත් ඒ ග්‍රාම්‍යය බව ඕවර්ඇක්ටින් වීමට වඩා සෞම්‍යය.
- Published in Arts, Sri Lanka Events